Song: Wassanaye
Year: 2018
Viewed: 4 - Published at: a month ago

වස්සානයේ තුරු අග පිපී
මල් මාවතේ මඟ ඔබ හිඳී
ගිම්හානයේ අතු අග රැඳී

පිනි බිංදුවෙන් සෙනෙහස ගමි //

දෙතොල් මල් තෙපලෙනා
ආදරේ වෑහෙනා
ඇස් වලින් කියවෙනා
කවිය නුඹමයි මනා //

ආදරේ උණුහුම කැන්දූ
ජීවිතේ පණ නල රැන්දූ
හීනයට මාගේ ලං වූ
කුමරිය නුඹයි ලන්දූ //

සීතල සුලං රැළි යයි ගලා
රන් සමනලුන් යයි ඉගිලිලා
මල් පෙති අගින් රස වෑහිලා
තොල් පෙති අගින් පෙම මෝරලා
වස්සානයේ තුරු අග පිපී...

( Bhashana Liyanage )
www.ChordsAZ.com

TAGS :